
ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්

දකුණු පළාතේ මාතර දිස්ත්‍රි ක්කයේ අකුරැස්ස ප්‍රදේශයේ නිල්වලා ගං මිටියාවතේ මනරම් කදු ගැටයක පිහිටි අප විද්‍යාලය හරිත වන පියසක පිහිටි අපූර්ව ශිල්ප තක්සලාවක්. අප
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික ද්විතියික හා තෘතියික අංශයන් ක්‍රියාත්මක වන අප විද්‍යාලය නිර්මාණශීලි ගුණගරුක දරුවන් දැයට දායාද කරන විදුමාතාවකි.

ආචාරධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තනය හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාලසම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම අපගේ අරමුණයි.