• (+94) 0716609821
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය හා කොඩිය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර් ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • අපේ පාසල ගැන
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

1.පෙ.ව. 7.00 ට පෙර සෑම පාසල් පාසලට 7.25 ට පෙර තමාට පැවරී ඇති පූර්ව රාජකාරී අවසන් කළ යුතු ය. එහිදී පවිත්‍ර කටයුතු, වගාවන් පිළිබද සොයා බැලීම පංති කාමර අධ්‍යයන කටයුතු සදහා සූදානම් කිරීම අවශ්‍ය වේ. මෙම කටයුුුතු පංති භාර ගුරුතුමා, ශිෂ්‍ය නායක නායිකාවන් මෙම කාර්යය භාර අධීක්ෂණය කළ යුතුය. අනවසරයෙන් පෙ.ව.  6.50 ට පෙර පාසලට කිසිම සිසුවෙකු පාසලට ඇතුළත් නොවිය යුතු ය.

2.පාසල් ආරම්භ වන පළමු සීනු නාදයට පසු සියලු සිසුන් අදාළ ස්ථානවලට පැමිණිය යුතු අතර ගුරු භවතුන් ද එම ස්ථාන කරා වාර්තා කළ යුතු ය. රැස්වීම්, ආගමික කාර්යයන් නියමිත වේලාවන්හි කර අවසන් කළ යුතු අතර අධ්‍යයන කාර්ය සදහා නියමිත වේලාවට ම සූදානම් විය යුතුය. 

3.පාසල් ආරම්භයේ ආගමික කටයුතු සදහා සියලු දෙනා සහ‍භාගි විය යුතු අතර, පාසල නිමාවන විට අදාළ ආගමික හා ජාතික ගීය ගායනා කර සියලු වැඩ වලින් ඉවත් වී ඒයට සහභාගි විය යුතු ය.

4.පාසල් කාලය තුළ පංති කාමරයේ සියලු සිසුන් රැදී සිටිය යුතු ය. කිසිදු හේතුවක් මත වෙනත් පංති කාමරවලට නොයා යුතු අතර, ඒසේ යා හැකි වන්නේ ගුරුවරයෙකුගේ අවසරය මත ය. අවශ්‍යතා සදහා බැහැර වීමේදී අවසර කාඩ්පත් ළග තබාගත යුතු අතර, එක්වරකට දෙදෙනෙකුට පමණක් එසේ යා හැකි ය. ක්‍රීඩා, ඇදුම් ආදි වෙනත් ඇදුම් ඇද සිටිය හැක්කේ අදාළ ස්ථානයේ පමණකි. 

5.සෑම කාල පරිච්ඡේදයක් ම අවසානයේ ඊළග ගුරුවරයා පන්තියට පැමිණෙන තෙක් පන්තියේ ම රැදී සිටිය යුතු ය.

6.ගුරුවරයා පමාවනවා නම් විනාඩි 05කට පසු අදාළ ගුරුවරයාට සිහිපත් කළ යුතු වන්නේ පන්ති නායිකාව විසිනි.

7.කාණ්ඩ විෂයයන් සදහා සහභාගි වන විට හා නැවතත් පන්තියට එනවිට පේළියට හා නියමිත වේලාවට පැමිණීමට වගබලා ගත යුතු අතර, එසේ සහභාගි වන සිසුන්ගේ නාමලේඛනයක් අදාළ ගුරුවරයා විසින් පවත්වාගෙන යා යුතු ය. 

8.පන්ති භාර ගුරුවරයා විසින් සිසුන්ගේ තොරතුරු ගොනුවක් පවත්වාගත යූතු අතර, ඒහි පෙර වැරදි තීරුවේ අදාළ වැරදි ලියා ගත යුතු අතර, වැරදි 03කට වඩා සිදුවන සෑම අවස්ථාවම අංශභාර ගුරු භවතාට වාර්තා කළ යුතු ය. විශේෂ වැරදි සදහා ක්ෂණික තීරණ ගැනීමට අවශ්‍ය නම් වහාම පන්තිභාර, අංශ භාර ගුරුවරුන් මගින් නියෝජ්‍ය විදුහල්පති වෙත යොමු කළ යුතු ය. (විනය මණ්ඩලයට) සිසු ලිපි ගොනු, අස්වීම් සහතික, චරිත සහතික ලබාදෙන විට වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. 

9.හදිසියේ ‌රෝගීවන දරුවකු පන්ති භාර ගුරුතුමා‌ගේ දැනුවත්වීම මගින් අංශභාර වෙත යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ක්ෂණිකව ගත යුතු ය. 

10.පාසල් කාලය තුළ බාහිර පුද්ගලයින් සමග කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්විය යුතු ය.

11.පාසල තුළට අනවශ්‍ය පුවත්පත්, සගරා, ඡායාරූප දුරකතන ආදිය ද්‍රව්‍ය ගෙන ඒ්ම සපුරා තහනම් ය. එසේ හසුවුවහොත් ඒ්වා පාසල් විනය මණ්ඩලය සතුවන අතර, පාසලින් අස්වී යනතෙක් රදවා ගැනීම හෝ දෙමාපියන් ගෙන්වා භාරදීම කරනු ලැබේ. ඒහිදී යම් මුදලකින් දඩ ගැසීමක් කරනු ලැබේ. 

12.අස්වීම් සහතික ආදිය සහතික නිකුත් කරනු ලබන්නේ බදාදා දිනයෙ පමණි. විශේෂ හේතු මත එය වෙනත් දිනයක නිකුත් කෙරේ. එයට හේතු ඉදිරිපත් කළ යුතු ය. පාසලෙන් අස්වී වසරක් ඇතුළත පැමිණෙන්නේනම් නිල ඇදුමෙන් පැමිණිය යුතු ය. 

13.පාසලේ මානව ‌හා භෞතික සම්පත් ආරක්ෂා කිරීමට සියලුම දෙනා අනිවාර්යයෙන් ම බැදී සිටිය යුතු ය. ගහකොළ, සතා සිව්පාවුන්, කොසු ඉදල් ආදී උපකරණ අදාළ ස්ථානවල තැබිය යුතු යත ඒවා සොයා බැලීම පන්ති භාර ගුරතුමාගේ හා ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි. පාසලේ අනාරක්ෂිත තැනක් දුටුවහොත් ඒ ගැන ශිෂ්‍ය නායක මගින් අංශ භාර ගුරු භවතුන් දැනුවත් කෙරේ. 

14.පාසල් පැමිණීම අනිවාර්ය වන අතර, ඒසේ නොහැකිවන විට නිවසින් හේතු ලිපියක් රැගෙන ආ යුතු ය. දින 05 ක් (සතියක්) එක දිගට පාසල් නොපැමිණි අවස්ථාවක දෙමාපියන් පැමිණ දරුවා ගැන තොරතුරු පන්ති භාර ගුරුතුමාට දැනුවත් කළ යුතු ය. 

15.පාසල නියෝජනය කරමින් සහභාගි වන බාහිර ආයතන කාර්යයන්හිදී පාසල් නිලඇදුම් භාවිත කළ යුතු අතර පාසල් ගෞරවය ආරක්ෂා කිරීමට සෑම දෙනා ම වගකීමෙන් බැදී සිටිය යුතු ය. 

16.සෑම සතියක ම සදුදා හෝ පාසල් ආරම්භ වන පළමු සතියේ පළමු දින පාසල් දොරටුවෙන් ඇතුළත් වන විට සෑම සිසුවෙකුගේ ම නියපොතු, කොණ්ඩය හා නිලඇදුම පරික්ෂා කළ යුතු ය. එය ශිෂ්‍ය නායක මණ්ඩලයේ කිහිප දෙනෙක් වෙත පවරනු ලබයි.

17.උත්සව හා විශේෂ අවස්ථා වල ඒම කාර්යයන්ට සහාය වීම ශිෂ්‍ය නායකයන් සතු වගකීමකි. සෑම පාසල් වාරයන් ආරම්භයේදී  ඊට පෙර දින සෑම නිවසකින් ම දෙමාපිය සහභාගිත්වයෙන් ශ්‍රමදානයන් කරගත යුතු ය.

Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය MR/Sri Medhankara Maha Vidyalaya, Porathota,Godapitiya.
  • දුරකථන(+94) 0716609821
  • ඊ මේල්  [email protected]

Supported By

© 2026 Sri Medhankara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk