මාරඔ විද්‍යා ශ්‍රි පරිවෙනාධිපතිව වැඩ විසූ කරගමීපිටියේ ශ්‍රි මෙීධංකර හිමියන් විසින් පෝරතොට බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ආරමීභ කර තිබූ රජයේ ආධාර ලබන පෙ ද්ගලික පාසල 1938.08.01 වැනි දින රජයට පවරා ගන්නා ලදුව. මාර/ පෝරතොට ආණ්ඩුවෙී මිශ්‍ර පාඨශාලාව නමින් රජ යේ ලියාපදිංචි කරන ලදි. ආරමීභයේදී ශිෂ්‍ය සංඛ්‍යාව 166 ක් හා ගුරු මංඩලය තිදනකෙු යුක්ත ව්ය. පහළ බලාංශය සිට අටවැනි වසර දක්වා පංති පැවතුනි රජයට පවරා ගැනිමට පසු මෙම පාසල යහලගාවත්ත නම් ස්ථානෙයේ ෟද්ගලික ඉඩමක සාදන ලද පොල් අතු සෙව්ලි කර කටු මැටි ගැසු තාටකාලික ගොනැගිල්ලක පංති පවත්වන ලදිි. මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා මාටින් වික්‍රමතුංග මහතාය
වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් වන සේ ගොඩනැගිලි ඉදිකිරිිමට පාසල පිහිටි භුමිය ප්‍රමාණවත් නොවිිම නිසාත් පාසලට එහි කිසි අයිතියක් නොමැතිවිිම නිසාත් දැනට පාසල පිහිටි භුමිය රජයෙන් ලබාගෙන අඩි 100*20 ප්‍රමානයේ පොල් අතු සෙවිලි කළ ලැලි ගැසු ගොඩනැගිල්ලක් සාදා 1946/05/10 වැනි දින පාසල එම ගොඩනැගිල්ලට ගෙනයන ලදි. එවකට මෙම විදුහලේ විදුහල්පතිවරයා වූයේ බී.එස්. පීටර් මහතාය.
එක් දහස් නවසිය පනහ දශකය වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි විය 1950 දී ශිෂ්‍ය සංඛ්‍යාව 250කි. පාසලේ ඉඩ කඩ මදවූයෙන් ගස් යට පවා පන්ති පැවැත්වීමට සිදුවීය. එබැවින් තලහගම ග්‍රාම සංවර් ධන සමිතිය විසින් ගමීවාසීන්ගේ හා රජයේ ආධාර ලබාගෙන අඩි 100*20 ප්‍රමාණයේ ස්ථිර ගොඩනැගිල්ලක් 1957 වර් ෂයේ සාදා දෙන ලදී. මෙී කාලයේ පාසලේ විදුහල්පතිවරයා වූයේ ඩී.ජී. විමලසේන මහතාය. එවකට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 317ක් වූ අතර ගුරු මණ්ඩලය 10 කි.
1960 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 396 දක්වා වැඩි විය. ජී.පී.ඩී. දියෙස් මහතා විදුහල්පති වශයෙන් සේවය කරන සමයේ අ ;පො ;ස (සා ;පෙල ) පන්තිද ආරමීභ කරන ලදි.පැරණි තාවකාලික ගොඩනැගිල්ල අබලන් වී තිබු නිසා රජය මගින් 80*20 ස්ථිර ගොඩනැගිල්ලක්ය සාදා දෙන ලදි.එක් දහස් නවසිය හැත්තෑව දශකයේ දී රජය මගින් තවත් ගොඩනැගිල්ලක් සාදන ලදි. එයද 80*20 ප්‍රමානයේ ස්ථිර ගොඩනැගිල්ලකි.
1980 වර්ෂය වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 500 ඉක්ම විය. ගොඩනැගිලි ඉඩ කඩ ප්‍රමාණවත් නොවූයෙන් විදුහල්පති එෆ්. ලේකම්ගේ මහතාගේ උත්සාහයෙන් ත්‍යාගශීලි ගොලුවවත්තේ ඒච්.කේ. සිරිසේන මහතා විසින් අඩි 80 * 20 ස්ථිර ගොඩනැගිල්ලක් සාදා පරිත්‍යාගෙ කරන ලදී. ඉන්පසු ස්ථිර ගොඩනැගිලි 04ක් වූයෙන් පාසලේ පන්ති කාමර ඉඩකඩ අවශ්‍යතා සම්පූර්ණ විය. තව ද යාබද ව පිහිටි රූඩ් 03 ක් පමණ විශාල ඉඩම ද පාසලට පවරා ගන්නා ලදී.
1996 වර්ෂයේ රජය විසින් 30 * 20 ප්‍රමාණයේ බහුකාර්ය ඒ්කකයක් ලබාදෙන ලද අතර 1997 වර්ෂයේ පෝරතොට කිතුලලියද්දේ ගුණපාල දසනායක මහතා විසින් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බුදු මැදුරක් ද ඉදිකරවා දෙන ලදී. 1996 වර්ෂයේ දී ඩැනී හිත්තැටියගේ ඇමති තුමාගේ ප්‍රතිපාදන වලින් විදුලි බලය සපයාදුන් අතර විද්‍යාලයේ ප්‍රධාන ශාලාව හා කාර්යාල කාමරය විදුලි සැපයුම ඒස්.වී. නැණපාල මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදුවිය.
1998 වර්ෂයේ ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් මුදල් වැයකොට ජල පහසුකම් හා වැසිකිලි, කැසිිකිළි පහසුකම් ක්‍රමාණූකූල කරන ලදී. ඒම ඉදිකිරීම් කටයුතු භාරව ක්‍රියාකළේ සමෘද්ධි බලකායේ බහුකාර්ය ගොඩනැගිල්ලට විදුලි බලය සපයාදීමට කටයුතු කළේ විද්‍යාලයේ ආචාර්ය පී.ඒස්. ගුණසේකර මහතා ය.
2000 වර්ෂයේදී අධ්‍යාපන 11 ව්‍යාපෘතිය මගින් පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. පාසලට ඇතුළත් කළ පළමු ලෙස ටී.ඒච්. ගමගේ වන අතර ඔහු 1938.08.01 දින ඇතුළත් කර ඇත.