නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අධ්‍යාපනය යනු සෑම අයුරින් ම පරිපූර්ණ මිනිසකු බිහිකිරීමේ ක්‍රියාවලියයි. ඒ සදහා අතීතයේ සිට ම අප විදුහලේ විදුහල්පතිවරුන්ගේ මෙන් ම, ගුරුවරුන් අධ්‍යයන හා අනධ්‍යයන, ආදී ශිෂ්‍ය කැපවී කටයුතු කිරීම පිළිබද බෙහෙවින් අගය කරමි.
21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පූර්ණ පෞර්ෂයක් ඇති දරු පිරිසක් ලොවට ම දායාද කිරීම අපගේ යුතුකම වේ. ඒ සදහා යල්පැන ගිය සාම්ප්‍රදායික ක්‍රියාවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ආකල්ප, කුසලතා හා යහපුරුදු වලින් යුතු දරු පිරිසක් බිහිකිරීම අපගේ බලාපොරොත්තුව වේ. දරුවන් තුළ සැගවී ඇති දක්ෂතා ඔප මට්ටම් කරමින් ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුකූලව පාසල් විෂය මාලාව, විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙන් ම බාහිර වැඩසටහන් මගින් සමබර පෞර්ෂයකින් යුක්ත දරු පරපුරක් නූතන වැඩ ලෝකයට දායාද කිරීමට අප කටයුතු කරන්නෙමු.
නියෝජ්‍ය
මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය